නිවසක් මිලදී ගැනීම්ට පෙර සලකා බැලිය යුතු කරුණු මොනවාද?

නිවසක් මිලදී ගැනීම්ට පෙර සලකා බැලිය යුතු කරුණු මොනවාද?

ස්ථානය

නිවසක් මිලදී ගැනීමේදී අපි වඩාත් අවධානය යොමු කළ යුතු වන්නේ එම නිවස පිහිටි ස්ථානයය පිළිබඳවයි. එම ස්ථානය පිළිබඳව අපි සලකා බැලීමේදී සලකා බැලිය යුතු ප්‍රධාන කරුණු කිහිපයක් ඇත. එම කරුණු ලෙස අපට මුලින් ම පැවසිය හැක්කේ අප සේවය කරන ස්ථානයට, පාසල් වලට, ප්‍රධාන වෙළඳපලට සහ මූලික ප්‍රවාහන පහසුකම් වලට ලඟා විය හැකි අයුරින් මේ නිවස පිහිටා තිබේද යන බවයි.

එමෙන්ම අපට අවශ්‍ය විටදී පහසුවෙන් අපිට මෙම නිවෙස කරා ළඟා විය හැකි ද යන්නත් අප ගේ අවධානය යොමු කළ යුතුය. එම නිවෙසට පැමිණෙන මාර්ගයේ පළල අඩි 10 ට වැඩි ද යන්න පිළිබඳවත් අප  අවධානය යොමු කළ යුතුයි.  එයට හේතු නම් අප මෙම ඉඩම යම් මූල්‍ය ආයතනයකට ඇපයක් වශයෙන් තබන අවස්ථාවකදී ඔවුන් විසින් සලකා බලනු ලබන ප්‍රධාන සාධකයක් ලෙස මෙම නිවසට පැමිණෙන මාර්ගයේ පළල දැක්විය හැකිය.

ස්ථානය යන කරුණු පිළිබඳ සලකා බැලීමේදී අවට පරිසරය පිළළිබඳව ද සලකා බැලීම ඉතා වැදගත්ය. එයට හේතුව නම් අවට පරිසරය පවත්නා වූ නිවාසවල වෙසෙන අසල්වාසීන් ඔබට ගැලපෙන්නේ ද යන්න පිළිබඳව ඔබ නිවස මිලදී ගැනීම්ට පෙර ඔබ නිගමනය කළ යුතුය.

ඉඩමේ ප්‍රමාණය

ඉඩමේ ප්‍රමාණය සැලකීමේදී උඹ මූලිකවම සල්කා බැලිය යුතු කරුණ නම් ඉඩමේ හැඩයයි ඉඩමේ හැඩය එක් එක් ආකාරයෙන් තිබිය හැකිය. සම සමචතුරාස්රාකාර යෙන්ද සෘජුකෝණාස්‍රාකාර යෙන්ද තිබිය හැකියි කෙසේවෙතත් ඔබ නිවස මිලදී ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුත්තේ ඉඩමේ භාවිතයට නොගත හැකි   ගත හැකි තැන් තිබේද යන්නයි.

එසේ තිබේනම් ඒවා ඔබගේ අවශ්‍යතාවන්ට අනුකූලව යොදා ගත හැකි ද යන්න තීරණය කළ යුතුය. එමෙන්ම ඔබගේ පවුලේ අවශ්‍යතාවන්ට අනුකූලව එම ඉඩමේ එළිමහනේ ඇති ඉඩ ප්‍රමාණය ප්‍රමාණවත්ද යන්නත් අවශ්‍යතාවයන්ට සරිලන පරිදි ඉඩමේ පිහිටීම ඔබට ගැලපේද යන්න ඔබ තීරණය කළ යුතුය. එමෙන්ම ඉඩමේ ගෘහ අලංකාර කටයුතු කර ඇති ආකාරය පිළිබඳවව ඔබ සැලකිලිමත්මත් විය යුතුයි.

නිවසක කාමර ප්‍රමාණය

නිවසක කාමර ප්‍රමාණයක්ත් නිවසක් මිලදී ගැනීමට ප්‍රථම සලකා බැලිය යුතු ප්‍රධාන කරුණක් ලෙස අවධාරණය කළහැකිය. එයට හේතුව නම් තමාගේ අවශ්‍යතාවන්ට පරිදි ගැලපෙන පරිදි නිවසේ කාමර ප්‍රමාණය පිහිටා තිබිය යුතුය. එනම් ඔබගේ නිවසට නිතර නිතර නෑදෑ හිත හිතමිතුරන් පැමිණේ නම් ඒ සඳහා ඔබට වෙනම කාමරයක් අවශ්‍ය ද යන්නත් ඔබගේ කුඩා දරුවන් එකම කාමරයක දෙදෙනෙකු සිටිය හැකිද යන්නත් පිලළිබඳව ඔබ සැලකිලිමත් විය යුතුය. එමෙන්ම අනාගතයේදීයේදී ඔබගේ අවශ්‍යතාවන්ට ගැන ගැලපෙන පරිදි නිවසේ කාමර වෙනස් කළ හැකිද යන්න නිවසක් මිලදී ගැනීම්ට ප්‍රථම සලකා බැලිය හැකි නම් ඉතාම වැදගත්ය.

නාන කාමර ගණන

ගෙයක් මිලදී ගැනීමේ දී අප විසින් සලකා බැලිය යුතු කරුණක් නම් නාන කාමර කීයක් පිහිටා ඇත්ද යන්නත් එය පිහිටා ඇත්තේ කුමන නිදන කාමරවලට යාබදව ද යන්නත්. විශේෂයෙන්ම මෙම නිවස පැරණි නිවසක් නම් ඒ සඳහා තවත් නාන කාමර එක් කිරීමට හැකිද යන්නත් එසේ කරන්නේ නම් කොපමණ වියදමක් දැරිය යුතු ද යන්නත් ඔබ නිවසක් මිලදී ගැනීම්ට ප්‍රථම සලකා බැලිය යුතුය.

නිවසේ කුස්සිය

නිවසක් මිලදී ගැනීමේදී අප වඩාත්ම අවධානය යොමු කළ යුතු එක් අත්‍යවශ්‍ය අංගයක් නම් නිවසේ කුස්සියයි. කුස්සිය යනු නිවසේ සියලුම වෙසෙන පුද්ගලයන් ගැවසෙන තැන්ක් මේ පිළිබඳ තීරණය කිරීමේදී ඔබගේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි එම කුස්සිය ඉඩ පහසුකම් ප්‍රමාණවත් ද තිබේද යන්නත් ඔබගේ නවීන අවශ්‍යතාවන්ට ගැළපෙන අංග උපාංග එම කුස්සියට සවිකර හැකිද යන්නත් එසේත් නැත්නම් දැනටත් එහි එම අංග උපාංග සවිකර ඇත්ද යන්නත් ඒවා නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේද යන්නත්  අපට කුස්සිය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී සලකා බැලිය යුතුය.

නිවසේ සවි කර ඇති අංග උපාංග වල ස්වභාවය

නිවසක සවිකර ඇති අංග උපාංග ලෙස අපට හඳුනාගත හැක්කේ වායුසමීකරණ යන්ත්‍ර එමෙන්ම නාන කාමරවල සවිකර ඇති  බොයිලේරු වල ක්‍රියාකාරීත්වය කෙසේද යන්න. එමෙන්ම විදුලි පංකා විදුලි උපාංග සවිකර ඇත්නම් ඒවා නඩත්තු කර ඇත්ද්ද යන්න ඒවා ගියේ ආයුකාලය අපේක්ෂා කළ යුතුය එමෙන්ම ඒවා නැවත අළුත්වැඩියා කළ හැකිද යන්නත් අලුතින්ම ඒවා නැවතත් සවිකළ යුතුය ද යන්න පිළිබඳව ද? එසේනම් ඒ සඳහා කොපමණ මුදලක් වැය  කිරීමට සිදු වේද යන්න පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

නිවසේ වයස

නිවසක් මිලදී ගැනීමේදී අප නිවසේ වයස පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය. එයට හේතු කීපයක් පවතී එකක් නිවසේ වයස විවිධාකාරයෙන් බලපාන අතර එය ඉතාම වැදගත් සාධකයක් වේ. මෙයට හේතුව නම් නිවසේ වයස සාමාන්‍යයෙන් අවුරුදු 25කට වඩා වැඩි නම් අපට නඩත්තු කටයුතු සඳහා වැය කිරීම්ට වෙන මුදල ඉතාමත් අධිකය. එම නිසා නිවස ගොඩනැගීමේදී භාවිතා කර ඇති ද්‍රව්‍ය පිළිබඳව එහි ස්වරූපය පිළිබඳ අදහසක් ලබා ගැනීම නිවසක් මිලදී ගැනීම්ට පෙර අත්‍යවශ්‍ය කරුණකි. නිවසක් මිලදී ගැනීමේදී එහි වයස සහ එහි ස්වරූපය පිළිබඳව ඒ පිළිබඳ දැනුමක් ඇති  වෘත්තිකයන්ගේ සේවය ලබා ලබා ගැනීමත් වැදගත් වේ. මෙයට හේතුව නම් ඔවුන්ගේ ඒ පිළිබඳ මනා දැනුමකින් හෙබි නිසා අපගේ ආයෝජනයේදී අපට විය හැකි වැරදි අවම කර ගැනීමටට එමගින් හැකිවේ.

එමෙන්ම නිවසක් මිලදී ගැනීමේදී නිවසක ගෘහ නිර්මාණ ශිල්පය ද ඉතාම වැදගත් සාධකයකි අද කාලයට කෙසේද ගැලපෙන්නේද යන්න අපගේ අවශ්‍යතාවන්ට එම ගෘහ නිර්මාණ ශිල්පය ගැලපෙන්නේද යන්න  ද යන්න. අප නිවසක් මිලදී ගැනීමට ප්‍රථම සලකා බැලිය යුතුය. එමෙන්ම එම නිවස අපට නොගැලපේ නම් ඒ සඳහා වෙනස් කිරීම පහසුවෙන් කළ හැකි ද යන්නත් අප වරලත් ගෘහ නිර්මාණ ශිල්පය උපදෙස් ලබාගත යුතුය.

විකුණුම් මිල

නිවසක් මිලදී ගැනීම්ට ප්‍රථමයෙන් සුදුසුකම් ලත් තක්සේරුකරුවකු ලවා මෙම නිවස තක්සේරු කළ යුතුය. ඒ සඳහා වරලත් තක්සේරුකරුවන්ගේ තක්සේරු ආයතනයේ ලියාපදිංචි වී ඇති සාමාජිකයෙකුගේ සේවය ලබා ගැනීම ඉතාමත් වැදගත්ය. එ මගින් අපට එම නිවසේ වටිනාකම් ද විකුණුම්කරු විසින් ලබාදෙනු ලබන මිල පිළිබඳ සංසන්දනාත්මකව බැලීම මගින් අපිට අපගේ මිල විකුණුම්කරු වෙත පහසුවෙන් ඉදිරිපත් කළ හැකිය.

විකුණුම්කරුගේ විකිණීමට ඇති අවශ්‍යතාවය

නිවසක් මිලදී ගැනීමේදී විකුණුම්කරුගේ විකිණීමට ඇති අවශ්‍යතාවය ද ඉතා වැදගත් කරුණුකි. එයට හේතුව නම් සමහර විකුණුම්කරුවන් ඔවුන්ට හදිසි අවශ්‍යතාවන් මත තමාගේ නිවස විකුණනු ලැබෙනු ඇත. සමහර විකුණුම්කරුවන් ඔවුන්ගේ මිලට අප මිලදී ගැනීම්ට සූදානම් පමණක් වීමට බලාපොරොත්තුවෙන් සිටි එනිසා විකුණුම්කරුගේ විකිණීමට ඇති අවශ්‍යතාවය ද දැනගැනීම ඉතාම වටිනා කරුණකි. ඔවුන්ගේ අවශ්‍යතාවය මත අපට ඔහුට කෙතරම් ඉක්මනින් එම නිවස විකුණා ගැනීමට බලාපොරොත්තු වන්නේ ද යන්න දැන ගතහොත් අපට විශේෂ මිලක් යටතේ වුවද එම නිවස මිලදී ගත් හැකිය.

අළුත්වැඩියා වල ප්‍රමාණය

අප පැරණි නිවසක් මිලදී ගැනීමේදී එහි අලුත්වැඩියාවේ ප්‍රමාණය කලින් තක්සේරු කර ගැනීම් ඉතාම වැදගත් කරුණකි. එයට හේතුව නම් අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුතු සඳහා කොපමණ මුදලක් වැය  කිරීමට සිදුවේද යන්න ඇස්තමේන්තු ගත කර ගතහැකි වීමයි.

එම අලූත්වැඩියා කටයුතු කොතරම් බැරෑරුම් ද යන්න සහ කොතරම් කාලයක් ගත්වේද යන්න අප හට මිලදී ගැනීමට ප්‍රථම අදහසක් ලබා ගැනීම ඉතා වැදගත් වේ. එයට හේතු වන්නේ අප මිලදී ගැනීම්ට ප්‍රථම අලුත්වැඩියාවේ ප්‍රමාණය දන්නේ නම් අපට ඇස්තමේන්තුගත වියදම ද ලබාගත් හැකිවීම නිසා එම අලූත්වැඩියා කටයුතු සදහා අප සතුව මුදල් පවතිනවා ද යන්න නිගමනය කළ හැකිය. එම නිසා අලුත්වැඩියා කටයුතු සඳහා යන මුදල දන්නේ නම් ඒ සඳහා යන මුදල් විකුණුම්කරගේ  විකුණුම් මිලෙන් අපට අඩු කරන ලෙස කරන ලෙස ඉල්ලීමක්ද විකුණුම්කරුගෙන් කළ හැකිවීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *