ඉඩම්ක මුල් ඔප්පුව නැතිවී ඇති අවස්ථාවක ඉඩමේ හිමිකරු වූ අනුගමනය කලයුතු ක්‍රමවේදය…

ඉඩම්ක මුල් ඔප්පුව නැතිවී ඇති අවස්ථාවක ඉඩමේ හිමිකරු වූ අනුගමනය කලයුතු  ක්‍රමවේදය…

ඉඩමක මුල් ඔප්පුව නොමැති වුවද එම් ඉඩමේ  වර්තමාන හිමි හිමිකරුවන්ට සහ අනාගතයේ ඉඩම මිලදී ගනු ලබන හිමිකරුවන්ට කිසිම අවාසිදායක තත්ත්වයන් අත් නොවේ. එමෙන්ම එම ඉඩමේ වටිනා වටිනාකමින් කිසිදු වෙනස්ක් මේමගින් සිදු නොවේ එනම් මෙම ඉඩම දේපල වෙළෙඳපොළ  තුළ වර්තමාන වෙළෙඳපොළ වටිනාකම ටම විකිණීමට කිසිදු බාධාවක් නොමැත.

මෙම නිසා  මුල් ඔප්පුව අස්ථානගතවීම් ඇති විටකදී ගැනුම්කරුවන් එය එම ඉඩමේ වටිනාකම් නැතහොත් මිල අඩු කිරීමේ ක් උපක්‍රමයක් ලෙස යොදාග ගත හැක.නමුත් මේ ඔබ ඉඩමේ වර්තමාන හිමිකම් නම් මෙම ඉඩමේ මිල අඩු කිරීමට ඉඩ දිය යුතු නැත . එනම් මුල් ඔප්පුව නොමැතිවී ම ඉඩමේ මිල අඩු කිරීම්ට කිසිදු හේතුවක් නොවන බව ඔබ ඉඩමේ ගැන ගැනුම්කරුට ඔබගේ නීතිඥයන් මාර්ගයෙන්  දැනුවත් කර  වැඩිදුර උපදෙස් ලබාදිය හැකිය.

ඔබ ඉඩමක් මිලදී ගනු ලබන ගැණුම්කරුවෙකු නම් ඉඩමේ  මුල් ඔප්පුව අස්ථානගතවී ඇති අවස්ථාවක මිල දී ගනු ලබන්නේ නම් එම මුල්   ඔප්පුව හිමිව තිබූ අයගෙන් මුල් ඔප්පුව අස්ථානගතවවීම  සඳහන් වන දිවුරුම්  ප්‍රකාශයක් ලබාගැනීම සුදුසු වන අතර එය අනාගතයේදී ඔබට එය ලිඛිත සාක්ෂියක් වශයෙන් කුමන හෝ අවස්ථාවකදී හෝ නීතිමය කටයුත්තකදී භාවිතා කිරීමට පුළුවන් බව මතක තබා ගත යුතුය. එම නිසා හැමවිටම  මුල් ඔප්පුවේ නොමැති අවස්ථාවක දිවුරුම් ප්‍රකාශයක් එම මුල් ඔප්පුවේ නම සඳහන් අයිතිකරුගෙන් ලබා ගැනීමට වග බලා ගැනීම වඩාත් කාලෝචිත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *